Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් දරුවන්ට සෞඛ්‍ය අංශ වෙතින් දැනුම්දීමක්

3 years ago

2023 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරයේ දෙවන අදියර අද (28) ආරම්භ විය.

මේ අතර ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් ක‍ළේ, පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ පාසල් කාලය තුළ දරුවන් වැඩි වශයෙන් ජලය පානය කළ යුතු අතර අතිරේක ජල බෝතලයක් රැගෙන ඒම වඩාත් සුදුසු බවයි.

එමෙන්ම මෙම උණුසුමෙන් ආරක්ෂා වීම සඳහා උණුසුම අවශෝෂණය කරන තද පැහැති ඇඳුම් ඇඳී‍මෙන් වැළකී සිටීම සහ තාපය අවශෝෂණය නොකරන සුදු වැනි ලා පැහැති ඇඳුම් තෝරා ගැනීම වැනි දේ ජනතාව විසින් සිදු කළ යුතු බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. කරුණානායක මහතා පෙන්වා දෙනවා.