Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලංගම බස් රථයකින් නාගයෙකු මතුවෙයි! මගීන් බැස දුවයි!

3 years ago

යාපනය සිට වවුනියාව බලා ධාවනය වූ ලංගම බස් රථයක විශාල නාගයකු සිටීමත් සමඟම බසයේ සිටි මගීන් බියට සහ කලබලයට පත් වී බසයෙන් බැස දිවගොස් තිබෙනවා,

මෙම බස් රථය උදෑසන යාපනයෙන් පිටත් වී පැය එකහමාරක් පමණ ගත වන තුරුත් මගීන් කිසිවකු හෝ මෙම නාගය දැක නැහැ.

අනතුරුව කිළිනොච්චිය නගරයේදී බසයට නැගුණු කාන්තාවක් මෙම නාගයා බස් රථය තුළ සිටිනු දැක බියට පත් වී කෑගසා තිබෙනවා.

ඇයගේ කෑගැසීමත් සමඟ බසයේ රියැදුරු බසය නතර කර තිබෙන බවයි වාර්තා වන්නේ.

නමුත්, නාගයෙක් සමඟ බසය මහමඟ ධාවනය කළ රියැදුරුට විනය පරීක්ෂණයක් කරන්නට නියමිත බව වාර්තා වෙනවා.