නව හැවිරිදි බාල වයස්කාර දියණියකට බරපතල ලිංගික අපයෝජනයක් කළ හිමිනමකට බරපතල වැඩ සහිත වසර දහයක සිර දඩුවමක් ද (29) බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා නියෝග කළා.
මීට අමතරව වින්දිත දැරියට රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් රුපියල් විසි දහසක දඩ මුදලක් ගෙවන ලෙසත් වන්දි හා දඩ මුදල් නොගෙව්න්නේ නම් තවත් මාස තිහක ලිහිල් සිර දඩුවම් ලබාදෙන ලෙසට නියෝග කර තිබෙනවා.
මෙසේ බරපතල වැඩ සහිත සිර දඩුවම්,වන්දි හා දඩ මුදල් ගෙවීම්ට නියෝග කෙරුණා ඇල්පිටිය උඩුවිල විවේක සේනාසනයේ වැඩසිටි උඩුවිල සුජාත නමැති හිමි නමකටයි.
පියා දමා ගොස් සිටියදී මව මේම විහාරස්ථානයේ කුලී වැඩ කරමින් සිටියදී සැකකාර හිමි නම 2009 සැප්තැම්බර් මස 9 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී මේ දැරියට බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර ඇතැයි කියමින් ඇල්පිටිය පොලීසිය විසින් මේ හිමි නම සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගෙන හිමි නමට එරෙහිව අධිකරණයේ නඩු පවරා තිබෙනවා.
වසර දාහතරක් තිස්සේ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව බලපිටිය මහාධිකරණ මෙම තීන්දුව ලබාදී තිබෙනවා.

