Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හදිසි රෝගාබාධයකට ලක් වූ ඉන්දීය ජාතිකයෙකු දිවයිනට රැගෙන එයි

3 years ago

නැගෙනහිර මුහුදේදී හදිසි රෝගාබාධයකට ලක්වූ මඟී ප්‍රවාහන නෞකාවක සිටි ඉන්දීය ජාතිකයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වු මුහුදේ දී “MV Empress” නමැති මඟී නෞකාවේ සිටි ඉන්දීය ජාතිකයෙකු ඊයේ (29) එලෙස අසනීප වී තිබුණි.

අදාළ පුද්ගලයාව ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට සහාය ලබාදෙන ලෙස නාවික හමුදා මුලස්ථානයේ කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට කළ දැනුම්දීමක් මත නාවික හමුදාව ක්‍රියාත්මක වී ඇත.

ඒ අනුව අසාධ්‍ය තත්ත්වයේ සිටි ඉන්දීය ජාතිකයා ගොඩබිමට රැගෙන ඒම සඳහා නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් පී 491 වේග ප්‍රහාරක යාත්‍රාව පිටත්කර යවා තිබුණි.

අනතුරුව ඉන්දීය ජාතිකයා වෙත ප්‍රථමාධාර ලබා දෙමින් ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.