වවුනියාවේ කරප්පන්කාඩු ප්‍රදේශයේ බේකරියක නිෂ්පාදනය කළ කේක් ගෙඩියක තිබී මියගිය හූනෙකු හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් ඊයේ (30) පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
වවුනියාවේ දුම්රියපොළ පාරේ වෙළදසැලකින් පාරිභෝගිකයෙකු විසින් මිලදී ගත් කේක් ගෙඩියක තිබී මෙම හූනා හමු වී ඇති බවයි වාර්තා වන්නේ.
උතුරු පළාතේ විවිධ වෙළදසැල්වලින් මහජනතාවට ආහාරයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය හමුවීම පිළිබඳ පාරිභෝගිකයින් සෞඛ්‍ය අංශ හා පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන්ට දැන්වත් කර තිබුණද ඒ සඳහා සුදුසු දඬුවම් මේ දක්වා ලැබී නොමැති බවයි උතුරේ වැසියෝ පවසන්නේ.
මීට සති කිහිපයකට ඉහතදී යාපනයේ ආපන ශාලාවකින් උදෑසන ආහාර වේලක තිබී හැකරැල්ලෙකු හමු වී ඇති අතර කිළිනොච්චියේ බේකරියක නිෂ්පාදනය කළ කේක් ගෙඩියක කුකුළු පිහාටුවක් තිබී හමුවුණා.
