Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අඩු මිලට ඉන්ධන මිලට ගැනීමට ඔබටත් අවස්ථාවක්

3 years ago

චීනයේ සිනොපෙක් සමාගම සිය පළමු ඉන්ධන පිරවුම්හල ඊයේ (30) කොට්ටාව මත්තේගොඩ දී ආරම්භ කර තිබෙනවා.

ඛණිජ තෙල් සංස්ථාව යටතේ දේශීය කළමනාකරුවකු විසින් පවත්වාගෙන ගිය මෙම ඉන්ධන පිරවුම්හල ඊයේ සිට සිනොපෙක් සමාගමේ කළමණාකාරීත්වය යටතට පවරා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරියේදී ඉන්ධන පිරවුම්හල් 150ක් මෙලෙස සිනොපැක් සමාගම සිය සමාගමේ කළමණාකාරීත්වය යටතට පවරා ගෙන ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා එක්වීමට නියමිතයි.

එමෙන්ම මෙම සමාගම විසින් අලුතින් ඉන්ධන පිරවුම්හල් 50ක් ද ආරම්භ කිරීමට නියමිත බව වැඩිදුරටත් සඳහන්.

මේ අතර, සිපෙට්කෝ සහ IOC පිරවුම්හල්වල මිලට වඩා රුපියල් 03ක් අඩුවෙන් සයිනොපෙක් ඉන්ධන අලෙවිසල් හරහා ඉන්ධන මිල දී ගත හැකි බව වාර්තා වේ.