ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 5කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
එහිදී අගනා පිතිකරණයක නියැලුණු චරිත අසලංක ලකුණු 62ක් හා සදීර සමරවික්‍රම ලකුණු 54ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියේය.
ෂකීබ් අල් හසන් කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42යි පන්දු 4කදී සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 164ක් පමණි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ කඩුලු 4ක් දවාගත් අතර මහීෂ් තීක්ෂණ කඩුලු 2ක් දවාගැනීමට සමත්විය.
ශ්‍රී ලංකාව පන්දුවාර 39කදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 165ක් රැස්කරගනිමින් කඩුලු 5ක ජයක් හිමිකර ගත්තේය.
මෙම තරගයේදී බංගලාදේශ කණ්ඩායම ලකුණු 164කට සීමා කිරීමට හැකි වීමත් සමඟ අඛණ්ඩව එක්දින තරග 11කදී ප්‍රතිවාදී කණ්ඩායම ලකුණු 200කට අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට සමත් වූ පළමු කණ්ඩායම බවට පත්වීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණි.

