2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම සතිය අවසානයේ නිකුත් කිරීමට සැලසුම් කර තිබූ නමුත් පවතින තත්ත්වය මත එම ඉලක්කය සපුරා ගත නොහැකි වනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව ආරංචිමාර්ග අනාවරණය කරනවා.
ඒ අනුව ලබන සතිය මුලදී උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
2022 වසරට නියමිතව තිබූ මෙම විභාගය මෙම වසරේ ජනවාරි මස 23 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 2,200කදී පැවැත්විණි. ඒ සඳහා පාසල් අයැදුම්කරුවෝ දෙලක්ෂ හැත්තෑ අට දහස් එකසිය අනූ හය දෙනෙක් ද පෞද්ගලික අයැදුම්කරුවෝ පනස් තුන් දහස් පන්සිය දහතුන් දෙනෙක් ද පෙනී සිටියහ.

