ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්‍ෂව පාසල් දරුවන් ප්‍රවාහන ගාස්තු වැඩි නොකිරීමට පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය තීරණය කර තිබේ.
එම සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි පැවසුවේ ඩීසල් මිල පසුගිය කාලයේ පහළ දැමූ විට ගාස්තු අඩු කිරීමට සිය සංගමය කටයුතු නොකිරීම හේතුවෙන් මේ අවස්ථාවේදී ඩීසල් මිල ඉහළ ගිය ද ගාස්තු ඉහළ නොදමන බවයි.
කෙසේ වෙතත් මීට ඉන්ධන මිල අඩු වූ අවස්ථාවේ ගාස්තු අඩු කළ පාසල් දරුවන් ප්‍රවාහනය කරන පුද්ගලයින්ට එම දරුවන්ගේ මව්පියන් සමඟ සාකච්ඡා කර ගාස්තු ඉහළ දැමිය හැකි බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
