ලොව විශාලතම නැව් සමාගමක් වන ෆා ෂිපිං සමාගම ශ්‍රී ලාංකික පුහුණු නාවිකයන් සඳහා රැකියා අවස්ථා ලබාදීමට එකඟතාව පළ කර ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.
එම සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා ඇතුලු නියෝජිත කණ්ඩායමක් ඊයේ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හමුවූ අවස්ථාවේදියි මෙම එකඟතාවට පැමිණ ඇත්තේ.
ඒ අනුව මෙරට නාවික අභ්‍යාස ආයතනවලින් ඉගෙනුම ලබා පිටවන තරුණ තරුණියන් සිය සමාගමේ සේවයට ගෙන ඉන් අනතුරුව ස්ථිර සේවය සඳහා බඳවා ගැනීමට අදාළ නැව් සමාගමේ අධ්‍යක්ෂවරයා කැමැත්ත පළ කර ඇති බව සඳහන්.
