Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

‘චැනල් 4’ නාලිකාව පාස්කු ප්‍රහාරය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක

3 years ago

2019 වසරේ ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ විශේෂ හෙළිදරව්වක් හෙට (05) විකාශය කෙරෙන “Sri Lanka’s Easter Bombings – Dispatches” නම් වැඩසටහනෙහි අන්තර්ගත වීමට නියමිත බව එක්සත් රාජධානියේ චැනල් – 4 ප්‍රවෘත්ති නාලිකාව නිවේදනය කරනවා.

මෙම වැඩසටහන තුළින් පාස්කු බෝම්බ ප්‍රහාරයට මෙරට ඇතැම් රජයේ නිලධාරීන් සම්බන්ධ බවට අතිශය වැදගත් තොරතුරු හෙළිදරව් කිරීමට නියමිත බව ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙනවා.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම වීඩියෝව අගෝස්තු 15 වැනිදා විකාශය කිරීමට චැනල් 4 නාලිකාව සැලසුම් කර තිබුණද, රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සාලි සිය නීතිඥවරුන් මාර්ගයෙන් චැනල් 4 වෙත වීඩියෝවෙන් ඔහුට එල්ල වී ඇති චෝදනා ගැන කළ පැහැදිලි කිරීමකට අනුව එදින එම වීඩියෝව විකාශය කිරීම නවතා දැමූ බවයි.

කෙසේ වෙතත්, ආරංචි මාර්ග පවසන්නේ මේජර් ජෙනරාල් සුරේෂ් සාලිගේ මෙම ප්‍රතිචාරයෙන් පසු චැනල් – 4 නාලිකාව විසින් එම වැඩසටහනෙහි මාතෘකාව වෙනස් කර ඇති අතර එය හෙට දින විකාශය කිරීමට සැලසුම් කර ඇති බවයි.

මීට පෙර අවස්ථාවක චැනල් 4 නාලිකාව විස්න් ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් සතිවල දැඩි ලෙස බලපෑ ‘Sri Lanka’s Killing Fields’ නම් වාර්තාමය වැඩසටහනක්ද විකාශය කර තිබුණා.