දින හතරක පමණ කාලයක් උණ රෝගය වැලදී සිටි දරුවකු පෞද්ගලික වෛද්‍යවරයෙකුගෙන් රෝගයට ප්‍රතිකාර ලබා ගත් නමුත් සුව නොවීම නිසා යාපනය ශීක්ෂණ රෝහලට රැගෙන විත් තිබූ බවට වාර්තා වනවා.
දැරිය රෝහලට ඇතුළත් කර ගැනීමෙන් පසුව වාට්ටුව බාර හෙදිය දැරියගේ අතට කැනීයුලාවක් සවිකිරීමෙන් පසුව ක්‍රමයෙන් ඇගේ අත අකර්මන්‍ය වන්නට පටන් ගෙන තිබෙනවා.
මේ පිළිබදව වෛද්‍යවරුන්ට තොරතුරු දැනුම් දීමෙන් පසුව දැරියගේ ජීවිතය බේරා ගැනීමට ඇගේ අත ඉවත් කළ යුතු බවට විශේෂඥ වෛද්‍යවරු තීරණය කර තිබෙන අතර ඒ අනුව අත ඉවත් කර දැරියගේ ජීවිතය බේරා ගෙන තිබෙනවා.
උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් මෙසේ අතක් අහිමි වී ඇත්තේ යාපනයේ මල්ලාකම් ප්‍රදේශයේ පදිංචි යාපනය හින්දු විද්‍යාලයේ තුන් වන වසරේ ඉගෙනුම ලබන අට හැවිරිදි දියණියනියක්.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ පී. සත්‍යමූර්ති වෛද්‍යවරයා ප්‍රකාශ කලේ යාපනය ශීක්ෂණ රෝහලේ එවැනි සිද්ධියක් සිදු වී ඇති බවයි.
කැනියුලාවේ යම් දෝෂයක් නිසා මේ තත්ත්වය උද්ගත වූයේද එසේත් නොමැති නම් වෙනත් හේතුවක් ඊට බලපෑවේද යන්න පිළිබදව සොයා බැලීම පිණිස වෛද්‍යවරු දෙදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරඇති බවත් එම කමිටු වාර්තාව ලද වහාම සිද්ධිය සම්බන්ධයෙන් ස්ථිර නිගමනයකට පැමිණිය හැකි බවත් උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා සඳහන් කර සිටියා.

