Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

OnmaxDT අධ්‍යක්ෂකගේ වත්කම් සම්බන්ධයෙන් අධිකරණයෙන් නියෝගයක්! එක් දිනකදී ඉඩම් 20ක් වෙනත් අයට පවරලා!

3 years ago

නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනු සිදු කළ බව කියන ඔන්මැක්ස් ඩී .ටී. පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන සම්පත් සඳරුවන් යන අයට හිමි කෝටි හැටතුනකට අධික වටිනාකමින් යුතු සුවිසල් මහල් නිවාස හා සුපිරි පන්නයේ හෝටල් ඇතුළු දේපළ අන්සතු කිරීම, විකිණීම, පැවරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙත ඊයේ (04) මෙම නියෝග නිකුත් කර ඇති අතර මාතර, කළුතර, හම්බන්තොට, කඩවත ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන් වෙත නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා ඉඩම් 20ක ප්‍රමාණයක් මෙලෙස තහනම් කරමින් නියෝග නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

සැකකරුට අයත් ඉඩම් විස්සක් එකම දිනයකදී ඔහුගේ බිරියට ඉඩම් 8ක් ද ඔහුගේ මිතුරකුට ඉඩම් 12ක් ද පවරා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබීමෙන් අනතුරුව මෙසේ ඉඩම් පැවරීම තහනම් කරමින් අධිකරණය නියෝග නිකුත් කර තිබෙනවා.