Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් පෙළින් දිවයිනේ ප්‍රථමයින් වූ සිසුන් හා බිහිකළ පාසල් මෙන්න

3 years ago

2022 (2023) උසස්පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය සමුදිත නයනප්‍රිය විසින් හිමිකරගෙන ඇත.

එම සිසුවා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සිසුවෙකි.

මේ අතර වාණිජ අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ සිසුවියක් සමත්වී තිබේ.

ඒ අනුව එම විද්‍යාලයේ දිල්සරණි තරුෂිකා මෙවර වාණිජ අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත.

මෙවර 2022 (2023) උසස්පෙළ විභාගයේ නිකුත් වූ ප්‍රතිඵලවලට අනුව ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ මාතර සුජාතා විද්‍යාලයේ සිසුවියකි.

ප්‍රමුදි භාෂණී මුණසිංහ නමැති ශිෂ්‍යාව මෙලෙස ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත.

2022 (2023) උසස්පෙළ විභාගයේ නිකුත් වූ ප්‍රතිඵලවලට අනුව භෞතික විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබා සිසුවෙකු විසින් හිමිකරගෙන ඇත.

ඒ අනුව ගෝනදූවගේ මනෙත් බනුල පෙරේරා භෞතික විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත.

එමෙන්ම කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ රුචිනි අහිංසා වික්‍රමරත්න තාක්ෂණ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමයා වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කලා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමස්ථානය හිමි කර ගැනීමට කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ සචිනි සත්සරණිට හැකියාව ලැබී තිබෙනවා.