Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හයක් හතරක් නොතේරෙන කුඩා දියණියට පහරදුන් මවට හා අනියම් සැමියාට වැඩ වරදී

3 years ago

අවුරුදු හතරක් වයැසැති දියණියකට පහරදී බරපතළ තුවාල සිදු කිරීමේ චෝදනාව යටතේ දැරියගේ මව සහ මවගේ අනියම් සැමියා බව කියන අයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර යුවළ කුරුණෑගල අලකොළ දෙණිය මොඩර්වත්තේ පදිංචිකරුවන් බවයි සඳහන් වෙන්නේ.

පහර දීමෙන් දැරියගේ මුහුණට, කොන්ද පෙදෙසට සහ අත්පා වලට තුවාල සහ තැළුම් සිදුව ඇති අතර පහර වැදීමෙන් ඇගේ ඇස් පෙදෙසට හානි සිදුව තිබෙනවා.

දින ගණනාවක්ම දැරිය නිවසේදී පහර කෑමට ලක්ව තිබෙන අතර අසල්වාසීන් ඒ බව පොලීසියට දැන්වීමෙන් අනතුරුව මෙම කාන්තාව සහ අනියම් සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.