නව කොවිඩ් ප්‍රභේදයක් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පිරෝලා නොහොත් BA.2.86 නමින් හඳුන්වා ඇති මේ නව ප්‍රභේදය සම්බන්ධව ජාත්‍යන්තර විශේෂඥයන් සිටින්නේ කනස්සල්ලෙන්.
මුල් කාලීනව ව්‍යාප්ත වූ කොවිඩ් වයිරසයේ මාරාන්තික ඔමික්‍රොන් ප්‍රභේදයට වඩා මෙම ප්‍රභේදය බෙහෙවින් විකෘති වූ ප්‍රභේදයක් බවට මත පළ වී තිබෙනවා.
මේ වන විට අමෙරිකාව, බ්‍රිතාන්‍යය, චීනය, ඊශ්‍රායලය, කැනඩාව, ඩෙන්මාර්කය, දකුණු අප්‍රිකාව, ස්වීඩනය, නෝර්වේ, ස්විට්සර්ලන්තය සහ තායිලන්තය යන රටවලින් මේ ප්‍රභේදය හඳුනාගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවන්නේ පිරෝලා නව ප්‍රභේදය නැවතත් ලොව පුරා ආසාදන වැඩිවීමක් ඇති කරනු ඇති බවයි.
නව ප්‍රභේදයේ රෝග ලක්ෂණ අතර උගුරේ අමාරුව, දියර ගැලීම හෝ නාසය අවහිර වීම, කැස්ස සහ හිසරදය පෙන්නුම් කරන බවයි වාර්තා වන්නේ.

