Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉබි යතුරු දමා වසා දමයි! දයාසිරි උසාවි යයි!

3 years ago

කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය වසා දමා තිබෙනවා.

දයාසිරි ජයසේකර මහතා තනතුරෙන් ඉවත්කිරීම නිසා ඔහුට හිතැති පාක්ෂිකයන් පැමිණ යම් නොසන්සුන්තාවක් ඇතිවේ යැයි සහ ලියකියවිලි පිටතට යාම වැලැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් අප කළ විමසීමකදී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ පක්ෂ සභාපතිවරයාගේ තීරණය අභියෝගයට ලක් කරමින් නීතීඥවරයෙකු මාර්ගයෙන් අද (06) පස්වරුවේ අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන බවයි.