Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලෝක ප්‍රවීණයන්ගේ බැඩ්මින්ටන් තරගාවලිය නියෝජනය කරන්න සුදුසුකම් ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී

3 years ago

ලෝක ප්‍රවීණයන්ගේ බැඩ්මින්ටන් තරගාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා සුදුසුකම් ලබා තිබෙනවා.

2022 වසරේදී ද ලෝක බැඩ්මින්ටන් ශූරතාවලිය නියෝජනය කළ සහන් ප්‍රදීප් විතාන මහතා හෙට මෙම තරගාවලිය සඳහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ලබන 8 වනදා සිට 18 වනදා දක්වා දකුණු කොරියාවේ දී මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ලෝක බැඩ්මින්ටන් ශූරතාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 26 දෙනෙකු පිටත්ව යාමට නියමිතයි.