රට තුළ ඉන්ධන අර්බුදයක් පැවති අවස්ථාවක රුපියල් 250ක් වැනි මුදලකට ඉන්ධන ලබාදීම සිදුකළ හැකි බවට මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයා සිදුකර තිබූ ප්‍රකාශය අසත්‍යය බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණයවී තිබේ.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට ඊයේ (06) දිනයේදී මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරීන් කැඳවා තිබුණි.
එහිදී මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයා ඉන්ධන අඩු මිලට ලබාදිය හැකි බවට සිදුකර තිබු ප්‍රකාශය පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමුවී තිබේ.
හිටපු සභාපතිවරයා ඉන්ධන මිල සම්බන්ධයෙන් සිදුකළ ගණනය කිරීම්වල අඩුපාඩු පැවති බව විගණකාධිපති ඩබ්ලිව්. පී. චූලානන්ද වික්‍රමරත්න මහතා කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයා සිදුකළ අදාළ ප්‍රකාශය අසත්‍යය බවට ජනතාවට කරුණු දක්වන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයාට නියෝග කරනු ලැබීය.

