Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තද වැසි පිළිබඳව කාලගුණයෙන් දිස්ත්‍රික්ක 10කට අවවාදාත්මක නිවේදනයක්

3 years ago

දිවයිනේ දිස්ත්‍රික් 10කට තද වැසි ඇතිවීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, පුත්තලම, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්වලත් මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමඟ මෙලෙස දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද පෙරවරු 08යි 30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කෑගල්ල දිස්ත්‍රික්යේ වරකාපොළ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, එම ප්‍රමාණය මිලිමීටර 60යි දශම 05ක් බව සදහන්ය.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවෙල සහ කටුනායක යන ප්‍රදේශවලට ද මිලිමීටර 50 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී තිබේ.