හැටන් ඇතුළුව ප්‍රධාන නගර වල කීරි සම්බා සහල් හිගයක් පවතින නිසා ආපනශාලා හිමියන් දැඩි අසිරුතාවයට පත්ව තිබෙන බවට වාර්තා වනවා.
මෙම සහල් හිඟය සමග සහල් තොග තබාගෙන සිටින ඇතැම් ව්‍යාපාරිකයන් කීරි සම්බා වල පාලන මිල වන රු.260 ඉක්මවා රු.300-325 අතර විවිධ මිල ගණන් යටතේ අලෙවි කරන බවට ආපනශාලා හිමියන් චෝදනා කරනවා.
හැටන් ඇතුළු වතු ආශ්රිත ප්‍රදේශවල සහල් අලෙවි කරන වෙලෙදුන් කියා සිටින්නේ සහල් මෝල් හිමියන් විසින් උපරිම සිල්ලර මිලට ආසන්න තොග මිලකට නාඩු , රතු සහ සම්බා සහල් තොග නිකුත් කරන නිසා සහල් අලෙවියෙන් තමන්ට විශාල ලාභයක් නොමැති බවයි.
සහල් මෝල් හිමියන් විසින් කීරි සම්බා කිලෝවක් රු 298-300 වැනි තොග මිලකට ඉතා සිමිත කීරි සම්බා සහල් තොග ප්‍රමාණයක් වෙලදපොලට නිකුත් කරන නිසා වෙලදපොලේ කීරි සම්බා හිගයක් පවතින බවට වාර්තා වනවා.
කොළබ නගරයේ අප කළ සොයාබැලීමකදී පාරිභෝගිකයින් සදහන් කළේ සුපිරි වෙළදසැල්වල වැඩි මිලට වුවද සම්බා සහල් මිලදී ගැනීමට නොමැති බවයි.

