බුලත් කෙලගැසීමෙන් සහ බුලත් සමග ඇති හුනු බිත්තිවල ඇතිල්ලීම සිදු කරමින් නගරයේ පොදු ස්ථාන අපවිත්‍ර කළ බව කියන පුද්ගලයන් 10 දෙනෙකුට එරෙහිව බදුල්ල පොලිසිය නීතිමය පියවර ගෙන තිබෙනවා.
අදාළ පිරිස හඳුනාගෙන ඇත්තේ බදුල්ල පොලිසිය සහ බදුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය එක්ව සිදු කළ මෙහෙයුමක දීයි.
එම සිද්ධියට වරද පිළිගත් සැකකරුවන්ට අධිකරණය මගින් දඩ නියම කර ඇති බව ද සඳහන්.
බුලත්විට හපා කෙල ගැසීමෙන් සහ බුලත් සමග ඇති හුනු බිත්තිවල ඇතිල්ලීමෙන් බදුල්ලේ මධ්‍යම බස් නැවතුම්පොල බෙහෙවින්ම අපවිත්‍ර වී ඇති බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
එම නිසා, එලෙස බුලත් කෙල ගසන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට බදුල්ල පොලිසිය හා එක්ව බදුල්ල මහා නගර සභාවේ සෞඛ්‍ය අංශය පියවරගෙන තිබුණා.
ඒ අනුවයි අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

