Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අබුඩාබියේ දී ශ්‍රී ලාංකිකයෙකුට කෝටි 176ක දිනුම් ඇදීමක්

3 years ago

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි බිග් ටිකට් ලොතරැයියේ නවතම දිනුම් ඇදීම් වාරයේදී ඩිරාම් මිලියන 20ක (රු. කෝටි 176 පමණ) දැවැන්ත ත්‍යාගය හිමි කර ගැනීමට ශ්‍රී ලාංකිකයෙකු සමත්ව තිබෙන බවට වාර්තා වනවා.

මීට දින තුනකට ඉහතදී පැවති ජයග්‍රාහකයින් තේරීමේ මහා දිනුම් ඇදීමේදී මෙලෙස දැවැන්ත ත්‍යාගය හිමි කරගනිමින් වාසනාවන්ත ජයග්‍රාහකයා බවට පත්ව ඇත්තේ තුරෙයිලිංගම් ප්‍රභාගර් නමැති ශ්‍රී ලාංකිකයෙක්.

මොහු මීට වසර 16කට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් තිබෙන අතර ඩුබායිහි සමාගමක සුපර්වයිසර්වරයෙකු ලෙස සේවය කරන බව සඳහන්.

පසුගිය වසර 5ක කාලයක් තිස්සේ ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් මිතුරන් හා එක්ව ටිකට් මිලදී ගෙන ඇති තුරෙයිලිංගම් අන්තර්ජාලය ඔස්සේ ජයග්‍රාහී ටිකට්පත මිලදී ගෙන ඇත්තේ පසුගිය අගෝස්තු මාසයේදී.