Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාන්කුලම්හි පිපිරීමක්! කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙකුට තුවාල!

3 years ago

මුලතිව් මාන්කුලුම ප්‍රදේශයේ සිදුවූ පිපිරීමකින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

ඊයේ දිනයේ මාන්කුලම ප්‍රදේශයේ වනගත ප්‍රදේශයක දර කැඩීමට ගිය වැඩිහිටි පුද්ගලයෙකු හා දරුවකු මෙම පිපිරීමට ලක් ව ඇත.

වයස 84ක් වූ අයෙක් හා අවුරුදු හයක ඔහුගේ මුනුබුරා මෙම පිපිරීමෙන් තුවාල ලබා තිබේ.

ආරක්ෂක අංශ සැක පළ කරන්නේ සතුන් දඩයම් කිරීමට අටවන ලද බදින තුවක්කුවක් මෙසේ පුපුරා යන්නට ඇති බවයි.

පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.