2023 G20 සමුළුව හෙට සහ අනිද්දා දෙදින තුළ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දි පැවැත්වෙයි .
ඒ අනුව දිල්ලි අගනුවර ආරක්ෂාව තර කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාව, චීනය , මහා බ්‍රිතාන්‍ය , අමෙරිකාව, රුසියාව ඇතුළු රටවල් 19කින් සහ යුරෝපා සංගමයෙන් ද G20 කණ්ඩායම සමන්විත වෙයි.
එය ක්‍රියාත්මක වන්නේ ගෝලීය ආර්ථිකය ඇතුළු කරුණු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමිනි.
එහි 2023 සමුළුව මෙවර පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ ඉන්දියාවේ නව දිල්ලි අගනුවර දී ය.
IMF හි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය මෙන්ම රාජ්‍ය නායකයින් රැසක් මේ වනවිටත් ඉන්දියාව වෙත ළඟා වී තිබේ.

