ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද පැවැත්වෙනවා.
ඒ බංග්ලාදේශ කණ්ඩායම සමඟයි.
එම තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී අද (09) පස්වරු 03ට පැවැත්වීමට නියමිතයි.
මෙම තරගය ජය ගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක වාර්තාවක් පිහිටුවීමේ අවකාශයද ලැබෙනවා.
ඒ අඛණ්ඩව වැඩිම එක්දින තරග ගණනක් ජයග්‍රහණය දෙවැනි කණ්ඩායම බවට පත්වෙමිනි.
මේ අතර 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බවයි පොලීසිය පවසන්නේ.
ඒ අනුව තරග පැවැත්වෙන දින වන සැප්තැම්බර් මස 09,10,12,14,15 සහ 17 යන දිනයන්හිදී ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය ආශ්‍රිතව ඇතැම් මාර්ගවල රථවාහන ධාවනය සීමා කිරීමට තීරණය කර ඇත.
එනම්, තරග පැවැත්වෙන දිනවල දහවල් 12 සිට මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වනු ඇති.

