යළි විදුලි ගාස්තු වැඩිකිරීමක් සම්බන්ධයෙන් මෙතෙක් ඉල්ලීමක් ලැබී නොමැති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු පවසනවා.
විදුලි ගාස්තු සියයට 56කින් වැඩිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කර ඇති බව පසුගියදා විදුලි පාරිභෝගික සංගමය සදහන් කර තිබුණා.
සභාපතිවරයා පවසන්නේ මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ඉල්ලීමක් ලැබී නොමැති බවයි.

