Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සෑම පුරවැසියෙකුටම නොමිලේ වෛද්‍ය රක්ෂණයක්

3 years ago

රටේ සමස්ත සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබදව නැවත සිතා බැලිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොළඹ ජෝශප් ෆ්‍රෙසර් රෝහලේ 100 වැනි සංවත්සර සැමරුමට එක්වෙමින්.

සෑම පුරවැසියෙකුටම වෛද්‍ය රක්ෂණයක් ලබාදීමට අපේක්ෂා කරන අතර මහ භාණ්ඩාගාරයේ සිටින රෝගියෙකු පිළිබදව ද ජනාධිපතිවරයා අදහස් පළ කළා.

එමෙන්ම විදේශිකයන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා මෙරටට ගෙන්වා ගැනීමට නම් වෛද්‍ය සංචාරක ව්‍යාපාරය සහ උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.