Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සූර් වූ මිතුරන් දෙදෙනා බලු පැටියෙකු කියා නරි පැටියෙකුට රැවටිලා! හුරතලයට ඇති කරන්න නිවසට රැගෙන ගිහින්!

3 years ago

අධික බීමතින් සිටි මිතුරන් දෙදෙනෙකු බල්ලෙකු ලෙස රැවටී මාර්ගයේ සිටි නරියෙකු නිවසට රැගෙන ගිය පුවතක් පස්සර නගරයෙන් වාර්තා වෙනවා.

මත්පැන් පානය කිරීමෙන් පසුව ඔවුන් දෙදෙනා ත්‍රීරෝද රථයකින් නිවසට පැමිණ ඇති අතර බලු පැටවෙකු වැනි සතෙකු දැක ත්‍රිරෝද රථය නතර කරන ලෙස රියදුරාට දැනුම්දී තිබෙනවා.

ඒ හේතුවෙන් ත්‍රිරෝද රථය නතර කර ගොස් බැලීමේදී ඔවුන් පමණ ඉක්මවා වෙරිවී සිටීම නිසා එම සතා නරි පැටවකු බවට හඳුනා ගැනීමට මෙම මිතුරන් දෙදෙනාට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එක් පුද්ගලයෙකු විසින් මෙම සත්ත්වයා නිවසට රැගෙන ගොස් බැඳ දමා තිබෙනවා.

කෙසේ වෙතත් නුපුරුදු හඬක් ඇසීම නිසා අසල්වාසීන් ඒ ගැන විපරම් කර බලන විට බැඳ දමා සිටි නරි පැටියාව දැක ඇති අතර එහිදී ඔවුන් එම සතාව නිදහස් කර කැළයකට ගෙන ගොස් දමා ඇති බවයි වාර්තා වන්නේ.