Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිසිය මහජන සහය පතයි

3 years ago

වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව අවශ්‍ය කරන සැකකරුවන් හා මෝටර් රථයක් හඳුනාගැනීම සඳහා පොලීසිය විසින් මහජන සහාය ඉල්ලා තිබේ.‍

පසුගිය අගෝස්තු මස 22 වනදා හපුතලේ පොලිස් වසමේ දී එම පුද්ගල ඝාතනය සිදුව තිබුණි.

නාඳුනන කණ්ඩායමක් විසින් වෙඩිතබා මෙම පුද්ගල ඝාතනය සිදුකර තවත් පුද්ගලයෙකුට බරපතළ තුවල සිදුකර ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ ඝාතනය සඳහා සැකකරුවන් පැමිණ ඇත්තේ මෝටර් රථයකින් බවය.

එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරුවන් පැමිණ ඇත්තේ ව්‍යාජ අංක තහඩුවක් සහිත මෝටර් රථයකින් බවය.

එබැවින් සැකකරුවන් හා එම මෝටර් රථය සම්බන්ධයෙන් යම් තොරතුරක් අනාවරණය වී ඇත්නම් පහත සඳහන් දුරකථන අංක අමතා ඒ බව පොලීසියට දැනුම්දෙන ලෙස ඉල්ලා තිබේ.

ස්ථානාධිපති/ පොලිස් ස්ථානය දියතලාව + 071 – 859 1531

බණ්ඩාරවෙල කොට්ඨාස මෙහෙයුම් මැදිරිය + 057 222 2260 / 057 – 223 161