Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සරසවි පෙම්වතාගේ පහරකෑමට ලක් වූ උපාධිධාරී තරුණිය මියයයි

3 years ago

පෙම්වතාගේ පහර දීම් හමුවේ අසාධ්‍ය තත්ත්වයේ පසු වූ පෙම්වතිය ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වෙනවා.

එල්ලක්කල ප්‍රදේශයේ හෝටලයකදී ඉකුත් 2 දා මෙම පෙම්වතිය පෙම්වතාගේ පහරදීම්වලට ලක්ව ඇත්තේ.

එයින් බරපතළ තුවාල ලැබූ පෙම්වතිය වතුපිටිවල මූලික රෝහලේ සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත් වූ බවයි සඳහන් වෙන්නේ.

මෙසේ ජීවිතක්ෂයට පත් වූයේ කෘෂි විද්‍යාව උපාධිධාරිණියක වූ කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණියකි.

පෙම්වතියට පහරදුන් පෙම්වතා රත්නපුර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙක් වන අතර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා.

පහරකෑමට ලක්වූ පෙම්වතිය වෙනත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇතැයි සැකයක් මුල් කරගනිමින් මෙම පහරදීම සිදුවී ඇති බවයි
පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

පෙම්වතා සහ පෙම්වතිය එකම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ මෙම ප්‍රේම සම්බන්ධතාවය ආරම්භ කර ඇති අතර පෙම් සම්බන්ධතාවයට මේ වන විට වසර හතරක් ඉක්මවා ඇතැයිද ඔවුන්ටීට වසර දෙකහමාර කට පමණ ඉහතදී විශ්වවිද්‍යාලයෙන් පිටව ගොස් ඇති අතර පෙම්වතිය නිට්ටඹුව එල්ලක්කල ප්‍රදේශයේ පිහිටි සත්ව ගොවිපලක රැකියාවක යෙදී සිටිමින් ඇති බවයි වාර්තා වෙන්නේ.