Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

2023 උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ගෙන් ඉල්ලීමක්

3 years ago

2023 උසස් පෙළ විභාගය මෙම වසරේ නොවැම්බර් 27 වැනි දින පැවැත්වීමට නියමිතව තිබෙනවා.

නමුත් දෙවැනි හා තෙවැනි වරට විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින්නේ විභාගය සඳහා සූදානම් වීමට කාලය ප්‍රමාණවත් නොවන බැවින් ඊට යම් සහනයක් සලසන ලෙසයි.

2022 උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරික්ෂා කිරීම කඩිනමින් නිම කළ යුතුව තිබුණද ගුරු වැටුප් විෂමතාව ඇතුළු ගැටලු මුල් කරගනිමින් උත්තර පත්‍ර පරීක්ෂකවරුන් උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ඉවත්වීම හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කිරීම මාස 6ක් පමණ ප්‍රමාද විය

ඒ අනුව 2022 වර්ෂයේ උසස් පෙළ විභාගය ප්‍රතිඵල නිකුත් කෙරුණේ ඉකුත් 4 වැනිදා යි.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ 2023 උසස් පෙළ විභාගය මෙම වසරේ නොවැම්බර් 27 වැනිදා සිට දෙසැම්බර් 21 දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි

කෙසේ වෙතත් මෙවර ප්‍රතිඵල අනුව උසස් පෙළට දෙවැනි සහ තෙවැනි වර පෙනී සිටින අයදුම් කරුවන් පවසන්නේ මාස දෙකක් වැනි සුළු කාලයකින් තමන්ට විභාගයට සූදානම් වීම අපහසු බවයි.