Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද සිට කොළඹට ‘චූං කිරි’

3 years ago

කොළඹ හා අවට ප්‍රදේශවල නිවාසවලටම නැවුම් එළකිරි සැපයීමේ වැඩ පිළිවෙළක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය අද (11) සිට ඇරැඹීය.

පාසැල් දරුවන් අතර පවතින මන්දපෝෂණය තුරන් කිරීමේ මූලික අරමුණින් උදෑසන හා හවස් කාලයේ මෙලෙස එළකිරි බෙදාහැරීම සිදු කරයි.

නැවුම් දියර එළකිරි කොළඹ නගර සීමාවේ පිහිටි නිවාස හා නිවාස යෝජනා ක්‍රමවලට සැපයීමට පියවර ගෙන තිබෙන බවද 0117 173984 දුරකථන අංකයට අමතා දියර එළකිරි ඇනවුම් කිරීමට හැකි බවද ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මහාචාර්ය එච්. ඩබ්. සිරිල් පැවසීය.

කොළඹ නගර සීමාව හා අවට ප්‍රදේශවලට යතුරු පැදි මගින් එම ඇනවුම් බාරදීමට කටයුතු යොදා ඇති බව සිරිල් කීය.