Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බැසිල් හා ජනපති අතර හදිසි හමුවක්

3 years ago

2024 අයවැය ඉදිරිපත් කිරීම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සාකච්ඡා කර තිබෙන බවට වාර්තා වනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන යටතේ සිදුකරන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට බාධාවක් නොවන අයුරින් අයවැයෙන් ජනතාවට සහන සැලසීම සහතික කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ.

පැයක පමණ කාලයක් මෙම හමුව පැවති බවට වාර්තා වනවා.

මේ සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාද එක්ව සිටි බව සඳහන්.