ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද (12) පැවැත්වෙයි.
කෙසේවෙතත් මේ වනවිට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරීමට සිදුවී තිබේ.
තරගය තාවකාලිකව නතර කරන විට පන්දුවාර 47ක් අවසානයේ ඉන්දීය ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 9ට ලකුණු 197ක් ලෙසය.
එම තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිත් ශර්මා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
තරගයේ පන්දුවාර 10ක් ක්‍රියාත්මක කළ දුනිත් වෙල්ලාලගේ නිලකුණු පන්දුවාරයක් ද සමගින් ලකුණු 40කට කඩුලු 5ක් දවාගැනීමට සමත්විය.
චරිත් අසලංක කඩුලු 4ක් බිඳ හෙලීමට සමත්විය.

