ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියුබාවේ සහ අමෙරිකානු සංචාරයක් සඳහා අද (13) අලුයම දිවයිනෙන් පිටව ගොස් තිබේ.
ජනාධිපතිවරයා කියුබාවේ හවානා නුවර ලබන 15 වනදා සිට 16 වනදා දක්වා පැවැත්වෙන ජී. 77 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට නියමිතය.
අනතුරුව ලබන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 19 සිට 21 වනදා දක්වා අමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන වාර්ෂික සැසි වාරයේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට ද නියමිතව තිබේ.
ජනාධිපතිවරයා ඇතුළු දුතපිරිස අද අලුයම 03.15ට කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඩුබායි සිට ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අමෙරිකාව බලා තවත් වෙනත් ගුවන් යානයකින් පිටත්ව යාමට නියමිතව තිබේ.

