මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල ආරක්ෂාව සඳහා යුද හමුදා සාමාජිකයින් යොදවා තිබෙන බව වාර්තා වෙනවා.
අවශ්‍ය වුවහොත් අනෙකුත් දුම්රිය ස්ථාන සඳහා ද යුද හමුදාව යොදවන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
ඊයේ (12) ඇරඹුනු දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ස්ථානවල විවිධ ගැටලුකාරි තත්ත්වයන් උද්ගත වුණා. හොරපේ දුම්රිය ස්ථානය අසලදී දුම්රියෙන් වැටී තරුණයකු මිය යෑමේ සිද්ධිය නිසාත් දුම්රිය රියැදුරු සහ මගීන් අතර බහින්බස්වීම් ඇති වුණ අතර එම බහින්බස්වීම් දුරදිග ගිය තත්ත්වයන් ද දක්නට ලැබුණා.
දුම්රිය බලාපොරොත්තුවෙන් පැමිණෙන මගීන් දුම්රිය ප්‍රමාද වීමෙන් මුහුණ දෙන මහත් අපහසුකාරී තත්ත්වයන් නිසා මතු විය හැකි ගැටලුකාරී තත්ත්වයන් මර්දනය කිරීම සඳහා යුද හමුදාව යෙදවීමට සිදූවුණ බවයි වාර්තා වන්නේ.

