Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

1000කට හෙද වෘත්තියට පිවිසීමට අවස්ථාව! කඩිනමින් බඳවාගැනීමට පියවර!

3 years ago

හෙද සේවාවේ පවතින පුරප්පාඩු අතුරින් 1000ක ප්‍රමාණයක් වහාම බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල එම අමාත්‍යාංශයේ නිලධාරීන්ට අද උපදෙස් ලබා දුන්නේය.

මේ වනවිට 3000 ක පමණ හෙද පුරප්පාඩු ප්‍රමාණයක් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පවතින අතර ඒ අනුව අනෙකුත් අවශ්‍ය බඳවාගැනීම්ද කඩිනමින් සිදු කිරීමට මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙලෙස පළමු වටයේදී බඳවා ගැනෙන පිරිසට අමතරව අනෙකුත් පුරප්පාඩු සඳහා ද සිදු කිරීමට නියමිත බඳවා ගැනීමේදී ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි අදාළ බඳවාගැනීම් සිදු කිරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

අද (12) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී එම අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබා දුන්නේය.