Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සේවයට නොඑන දුම්රිය රියදුරන්ගේ දේපල රාජසන්තක කරයි ?

3 years ago

දුම්රිය රියදුරන්ට වහාම සේවයට වාර්තා කරන ලෙසට දැනුම්දීමක් සිදුකරන බවත් එය නොතකා සේවයට වාර්තා නොකරන රියදුරන් සම්බන්ධව දැඩි තීරණයක් ගන්නා බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දුම්රිය රියදුරන් වර්ජන ක්‍රියාමාර්ගය අත්හැර නොමැති බැවින් අද පෙරවරුවේ පමණක් කෙටි දුම්රිය ගමන් වාර 37ක් පමණ අවලංගු කිරීමට සිදු වු අතර දුම්රිය ගමන් වාර 150ක් පමණ අවලංගු වීමේ අවධානමක් මේ වනවිට පවතින බවද නියෝජ්‍ය සමාන්‍යාධිකාරී එන්.ජේ ඉඳිපොලගේ සදහන් කරයි.

මේ වනවිට සේවයේ යෙදී සිටින දුම්රිය කාර්ය මණ්ඩල හා දේපළවල ආරක්ෂාව වෙනුවෙන් දුම්රිය ස්ථාන 32ක් සඳහා පොලිසිය හා යුද හමුදා ආරක්ෂාව යොදවා ඇති බවද දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ ඉඳිපොලගේ සදහන් කරයි.

රජය විසින් යම් සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමෙන් පසුව එම සේවයට වාර්තා නොකරන සියලු සේවකයින්ගේ රැකියාව සහ ඔවුන්ගේ දේපළ පවා රාජසන්තක වීමේ හැකියාව පවතින බවද ජනාධිපති නීතීඥ යු.ආර් ද සිල්වා සදහන් කරයි.

උසස් වීම් සම්බන්ධ ගැටලුවක් මුල්කර ගනිමින් දුම්රිය රියදුරන් විසින් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇත.