දුම්රියක වහලය මත ගමන් කරමින් සිටියදී, හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියෙන් වැටී මියගිය තරුණයාගේ පවුලේ සාමාජිකයන් හට රුපියල් ලක්ෂ 5ක් ලබාදීමට තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
මෙම මුදල දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ගෙවීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතරතුරදී ධාවනය වෙමින් තිබූ දුම්රියකින් ඇදවැටීමෙන් ඊයේ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

