එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක් පමණ ප්රපාතයකට පෙරළී තිබෙනවා.
මෙම අනතුරෙන් ත්රිරෝද රථයේ ගමන් ගත් අවුරුදු එකහමාරක් පමණ වයසැති දරුවෙකු ඇතුළු තිදෙනෙක් තුවාල ලබා අද (13) දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පවසනවා.
බගවන්තලාව මෝරා වත්තේ සිට හැටන් දක්වා ධාවනය වු මෙම ත්රිරෝද රථය හැටන් බගවන්තලාව ප්රධාන මාර්ගයේ නොර්වුඩ් සෙන් ජෝන් ටිලරි වත්ත ප්රදේශයේදී මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක් පමණ ප්රපාතයට පෙරලී ඇති බවයි වාර්තා වෙන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ ත්රිරෝද රථයේ එකම පවුලේ පිරිසක් ගමන් කර ඇති අතර, අනතුරෙන් පියා (රියදුරා) , මව සහ අවුරුදු එකහමාරක් වයසැති කුඩා දරුවෙකු තුවාල ලබා තිබෙනවා.
පොලීසිය පවසන්නේ අනතුරෙන් ත්රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර , ඒ සම්බන්ධයෙන් නෝර්වුඩ් පොලීසිය විසින් පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවයි.

