කිලිනොච්චි විනයාගපුරම් ප්‍රදේශයේ පදිංචි කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ 2023 උසස් පෙළ කලා අංශයේ අධ්‍යාපන කටයුතු හදාරමින් සිටි 18 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් මාසයක කාලයක් තිස්සේ අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.
දැරියගේ දෙමව්පියෝ කිලිනොච්චි පොලිසියට පැමිණිල්ලක් සිදු කරමින් පවසා ඇත්තේ උපකාරක පන්තියකට සහභාගී වීමට නිවසින් ගිය දැරිය යළි නිවසට නොපැමිණි බවටය.
මුලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ පුවනේශ්වරන් ආති නම් ඇය එදින උපකාරක පන්තියට සහභාගී වී නොමැති බවත් ඇයව මාර්ගයේදීද කිසිවෙකුටත් හමුවී නොමැති බවත්ය.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර කිලිනොච්චි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.
මේ වනවිට මාසයක කාලයක් පුරා විවිධ තැන්වල තම දියණිය පිළිබඳව සොයා බැලුවද ඇය ගැන කිසිම තොරතුරක් හොයා ගැනීමට හැකි නොවූ බවත් ඇය පිළිබඳ යම් තොරතුරක් දන්නේ නම් හෝ ලංකාවේ කොතැනක හෝ දැක ඇත්නම් වහාම 0774941522 සහ 0772144553 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙසත් සිසුවියගේ පියා වැඩිදුරටත් පවසා සිටී.

