Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හෙද පුහුණුව සඳහා සිසුන් 3,500ක් බඳවා ගැනීමට තීරණයක්! අවශ්‍ය සුදුසුකම් මෙන්න!

3 years ago

2023 වසර සඳහා හෙද පුහුණුවට සිසුන් 3,500 ක් බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජීව විද්‍යාව සහ භෞතික විද්‍යා විෂය ධාරාවන්හි උසස් පෙළ විභාගය සමත් සිසුන්ගෙන් අයදුම්පත් කැඳවීමට සැලසුම් කර ඇති බවයි එම අමාත්‍යාංශය පැවසුවේ.

අයදුම්පත් සැප්තැම්බර් 15 සිට 18 දක්වා මාර්ගගතව භාරගැනීමට නියමිතයි.

සැප්තැම්බර් 15 වැනිදා නිකුත් කිරීමට නියමිත රජයේ ගැසට් පත්‍රයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.health.gov.lk වෙතින් මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.