ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සුපිරි සිව් දෙනාගේ වටයේ අද (14) පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට පාකිස්තානු නායක බාබර් අසාම් සමත් විය.
ඒ අනුව ඔහු පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
අද තරගයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබේ.
අද තරගයට කුසල් ජනිත් පෙරේරා හා ප්‍රමෝද් මධුෂාන් කැඳවා තිබේ.
ඒ දිමුත් කරුණාරත්න හා කසුන් රාජිත වෙනුවටය.
අද තරගයේදී එක් කණ්ඩායමකට හිමිවන පන්දුවාර සංඛ්‍යාව 45කි.

