Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද රාත්‍රියේ තද වැසි ලැබෙන ප්‍රදේශ ගැන නිවේදනයක්

3 years ago

අද රාත්‍රියේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද පස්වරු 4ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36ට අදාළව නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ අද රාත්‍රියේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.