Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දස හැවිරිදි සිසුවියන් 11කට අමුතු පාඩමක් ඉගැන් වූ ප්‍රසිද්ධ පාසල් ගුරුවරයා සම්බන්ධයෙන් අධිකරණය ගත් තීරණය

3 years ago

කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ පාසලක පහ වසරේ ඉගෙනුම ලබන ලාබාල සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ කුරුණෑගල මූලස්ථාන පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම පාසලේ ඉංග්‍රීසි ගුරුවරයකු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා ඊයේ (14) නියෝග කර ඇත.

මාවතගම, අඹකොටේ, රන්ගලගම පදිංචිකරුවකු වන රාජසිංහ නමැති 55 හැවිරිදි පුද්ගලයකු මෙසේ ඇප මත මුදා හැර ඇති අතර, සැකකරු විවාහක දෙදරු පියකු බව වාර්තා වේ.

තම දරුවන්ට සැකකාර ගුරුවරයා ලිංගික අතවර සිදු කළ බවට දෙමාපියන් පිරිසක් විසින් කරන ලද පැමිණිලි මත විමර්ශන සිදු කර සැකකරු අත්අඩංගුවට ගත් බව පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කරමින් කුරුණෑගල මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.

සැකකරු දඬුවම් මාරුවක් ලැබ මීට මාස තුනකට පමණ ඉහත දී මෙම පාසලේ සේවය සඳහා පැමිණි අයකු බව ද පොලීසිය අධිකරණය හමුවේ වාර්තා කර ඇත.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කීර්ති ජී.දුනුසිංහ මහතා අධිකරණයට කියා සිටියේ, තම සේවාදායකයා සමඟ අමනාපයෙන් සිටින පිරිසක් ඔහු සහ විදුහල්පතිවරයා අපකීර්තියට ලක් කිරීමේ අරමුණින් මෙවැනි අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.

පැමිණිල්ල විසින් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරයා, සැකකරු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කර තිබේ.

එසේම සැකකාර ගුරුවරයාට ඉතා දැඩි ලෙස අවවාද කළ ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා පැමිණිලි පාර්ශ්වයට බලපෑමක් ඇති වන ආකාරයට කටයුතු නොකළ යුතු බව ද එසේ කළ බවට සනාථ වුවහොත් ඇප අවලංගු කර රිමාන්ඩ් භාරයට පත් කරන බව ද දන්වා ඇත.

එමෙන්ම නඩු කටයුතු අවසාන වන තෙක් සැකකරුට එම පාසල වෙත ඇතුළු වීම ද මහේස්ත්‍රාත්වරයා විසින් තහනම් කර තිබේ.

මෙම සිදුවීමේ දී එම පාසලේ විදුහල්පතිවරයා ක්‍රියා කර ඇති ආකාරය සම්බන්ධයෙන් ද අවධානය යොමු වී ඇති අතර, විදුහල්පතිවරයා එම තනතුරෙන් ඉවත් කර කුරුණෑගල කලාප අධ්‍යාපන කාර්යාලයේ සංචිතයකට ඊයේ (14) දින සිට යොමු කර ඇත.