Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අවසන් පන්දුවේදී ලබාගත් තියුණු ජයත් සමග ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

3 years ago

තියුණු තරගයකින් අනතුරුව කඩුලු 2කින් පාකිස්තානය පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

ඒ අනුව එළඹෙන ඉරිදා ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී ඉන්දීය කණ්ඩායම සමග අවසන් තරගයට තරග කරනු ඇති.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42 ක අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 252ක් රැස්කරගනිමින් තරගයේ ජය හිමිකරගැනීමට සමත්විය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ මාවතට ගෙන එමින් පන්දු 87කදී ලකුණු 91ක් රැස්කර ගැනීමට සමත්විය.

මෙන්ඩිස්ට අගනා සහායක් ලබාදුන් සධීර සමරවික්‍රම පන්දු 51කදී හතරේ පහර 4ක් සමග ලකුණු 48ක් රැස්කළේය.

තරගයේ අවසාන භාගයේ ඉතා අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 51කදී හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමග ලකුණු 49ක් රැස්කරගත්තේය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 42ක් අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 252ක් රැස්කරගත්තේය.

Mohammad Rizwan ලකුණු 86කින් පාකිස්තාන ලකුණු පුවරුව ශක්තිමත් කළේය.

පන්දු යැවීමේදී මතීෂ පතිරණ ලකුණු 65කට කඩුලු 3ක් දවාගැනීමට සමත්විය.

ප්‍රමෝද් මධුශාන් ලකුණු 58කට කඩුලු 2ක් දවා ගත්තේය.