Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තීක්ෂණගේ ආබාධය ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

3 years ago

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයේ දී ඊයේ(14) ආබාධයකට ලක් වූ මහීෂ් තීක්ෂණගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාකිස්තානය සමග ඊයේ පස්වරුවේ ආරම්භ වූ තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන ඉනිම අතරතුර දී පන්දු රකිමින් සිටියදීයි තීක්ෂණ දකුණු පාදයේ ආබාධයකට ලක් වුණේ.

කෙසේ වෙතත්, ආබාධය ද පසෙකලා ඔහු සිය අවසන් පන්දුවාර කිහිපය යොමු කිරීම කැපී පෙනුණු අතර මෙම තරගයේ දී තීක්ෂණ සිය පන්දුවාර 9 තුළ දී ලකුණු 42 කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඔහුගේ ආබාධ තත්ත්වය හදුනා ගැනීම සදහා ඔහුව අද දිනයේ දී වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කිරීමට නියමිත බවයි.

ඒ අනුව එම වෛද්‍ය වාර්තාවල ප්‍රතිපල අනුව ඔහු සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට ද සති කිහිපයක් පමණක් ඉතිරිව ඇති පසුබිමකයි තීක්ෂණ මෙලෙස ආබාධයකට ලක්වුණේ.