බස් රථයක් තවත් බස් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
නාරම්මල සිට පාසල් සිසුන් පිරිසක් රැගෙන හෝමාගම දක්වා පැමිණෙමින් සිටි බස් රථයක පිටුපසින් පැමිණි තවත් බස් රථයක් පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ දී ගැටීම නිසා මෙම අනතුර සිදුව තිබෙනවා.
මෙම අනතුරින් පාසල් සිසුන් 21 දෙනෙකු සහ ගුරැවරියක් පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කල බවයි පාදුක්ක පොලිසිය පවසන්නේ.
නාරම්මල මයුරපාද මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථ හයක් හෝමාගම පිටිපන නැනෝ තාක්ෂණික ආයතනයේ පැවැත්වෙන සම්මන්ත්‍රණයක් සදහා සහභාගී වීමට පැමිණෙන අතරතුර ඉදිරියෙන් පැමිණි බස් රථය වාහන තදබදයක් නිසාවෙන් තුන්නාන ප්‍රදේශයේ දී නැවැත් වූ අවස්ථාවේදී පිටුපසින් පැමිණි බස් රථය ඉදිරියේ නවතා තිබූ බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු පාදුක්ක පොලිසිය විසින් සැකපිට අත් අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

