Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පෙරහැරට ගෙනා අලියා සිසුවාට මරු කැදවයි

3 years ago

පනාමුර කාවන්තිස්ස රජමහා විහාරයේ වාර්ෂික පෙරහර වෙනුවෙන් රැගෙන විත් එම විහාරස්ථානයේ බැද දමා සිටි අලියෙකු පහර දී හිස පෑගීම නිසා 12 හැවිරිදි පාසල් සිසුවෙක් මියගොස් ඇති බව පනාමුර පොලිසිය කියයි.

මෙම දරුවා අද දහවල් කිසිවකුට නොදන්වා අලියා බැද සිටි ස්ථානයට ගොස් සිටියදි සිසුවාට මෙම සිද්ධි සිදුව ඇති බව පොලිසිය කියයි.

අලියා පෑගීම නිසා බරපතල තුවාල ලැබු සිසුවා විහාරස්ථානයේ පිරිස් විසින් රෝහල වෙත ඇතුළත් කළ අවස්ථාවේදීත් මියගොස් සිටි බව පොලිසිය කියයි.

පනාමුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.